SLTB Home

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 
ශ්‍රී ලංගම සේවක දීමනා ඉහලට....
 

ශ්‍රී ලංගම සේවක දීමනා ඉහලට

ශ්‍රී ලංගම සේවක මහත්ම මහත්මීන්ට මෙතෙක් යම් යම් හේතු මත ගෙවනු ලැබූ දීමනාවන් වැඩිකර ඇත. ඒ අනුව,

  1. ·   දඩ ණය මුදලින් ලබා දෙන ණය
  2. ·   සාමාජිකයකුගේ මරණයකදී
  3. ·   යැපෙන්නකුගේ මරණයකදී
  4. ·   ඇස් කණ්ණාඩි ලබා ගැනීමකදී
  5. ·   ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පාවහන් (බූට්ස්) ලබා ගැනීම

·         දූ දරුවන්ගේ උසස් අධ්‍යාපනය සඳහා මෙතෙක් ලබා දුන් මුදල් ප්‍රමාණය වැඩි කිරීමට පියවර ගෙන තිබේ

දඩ ණය අරමුදලින් ලබා දෙන ණය

2010 අංක 04 දරන ශ්‍රී ලංගම මානව සම්පත් කළමණාකාර කොට්ඨාශ දක්‍රලේඛය අනුව දැනට ලබා දෙන රු.2500/=ක ණය මුදල රු.10,000/= දක්වා වැඩි කර ඇත. මෙය අවුරුදු 3ක් මණ්ඩලීය සේවයේ ස්ථීර iv ශ්‍රේණි‍යෙන් පහළ නිළධාරීන් හට වාරික 12කින් අයකර ගැනීමේ පදනම මත 4%ක පොලියට ලබා දේ.

සාමාජිකයකුගේ මරණයකදී ගෙවනු ලැබූ දීමනා

2010 අංක 03 දරණ ශ්‍රී ලංගම මානව සම්පත් කළමනාකරණ චක්‍රලේඛය අනුව මණ්ඩලීය සේවයේ යෙදී සිටිය දී මියයන සේවක මහත්ම මහත්මීන් හට හදිසි අවමංගල්‍යාධාර වශයෙන් අවු.1සිට 5ට අඩු සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ස්ථීර සේවකයන් සඳහා රු.25,000/=ක මුදලක් හා අවුරුදු 05ක සේවාකාලයක් සම්පූර්ණ කර ඇතිසේවක මහත්ම මහත්මීන්ට රු.25.000/=ක මුදලක් සහ මාස 03ක වැටුපක් ලබා දීමට තීරණය කර ඇත.

සාමාජිකයකුගේ යැපෙන්නකුගේ අවමංගල්‍යක් වෙනුවෙන් සුබසාධක වැය ශීර්ෂය අනුව මෙතෙක් ගෙවනු ලැබූ රු.2,000/=ක මුදල රු.10.000/= දක්වා ද වැඩි කිරීමට තීරණය කර ඇත.

ඇස් කණ්නාඩි ලබා ගැනීම

මණ්ඩලීය ස්ථීර සේවයේ තුන් අවුරුදු සේවා කාලයක් සම්පූර්ණ කරන ලද සේවක මහත්ම මහත්මීන්ට තමන්ගේ ඇස්පෙනීම දුර්වල වූ අවස්ථාවක ඇස් කණ්නාඩි ලබා ගැනීම සඳහා රු.5,000ක මුදලක් ගෙවීම‍ට තීරණය කර තිබේ.

පාවහන් දීමනාව

මණ්ඩලීය සේවක ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා මෙතෙක් ලබා දුන් රු.3,000/=ක පාවහන් (බූට්ස්) දීමනාව රු.5,000/= දක්වා වැඩි කර ඇත.

විශ්ව විද්‍යාල අධ්‍යාපනය සඳහා

මණ්ඩලීය ස්ථීර සේවයේ තුන් අවුරැදු සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සේවක මහත්ම මහත්මීන්ගේ දරුවකු අ.පො.ස.(උ.පෙළ) සමත්ව ලබාගත් ලකුණු ප්‍රමාණය අනුව රාජ්‍ය විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා තෝරාගනු ලැබූ අවස්ථාවක ඔහුගේ/ඇයගේ මූලික අධ්‍යාපන වියදම් සඳහා මෙතෙක් ගෙවනු ලැබූ රු.3,000/=ක මුදල රු.10,000/= දක්වා වැඩි කිරීමට තීරණය කර ඇත.

ප්‍රියන්ත ආටිගල

Last updated on: 2010-06-16
 

 

....
Copyright © 2010 SLTB ICT Division All Rights Reserved.